පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ මාරපන උප කාර්යාලය සහ මහජන පුස්තකාලය

 පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා බල සීමාව තුළ පවත්වාගෙන යනු ලබන ප්‍රාදේශීය සභා උප කාර්යාලය සහ මහජන පුස්තකාලය රත්නපුර කලවාන මාර්ගයේ මාරපන පිහිටුවා ඇත. පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් මාරපන උප කාර්යාලයෙන් මහජනතාව හට පහත සඳහන් සේවාවන් සළසනු ලබයි. වරිපනම් , අක්කර බදු , වෙළඳබලපත්‍ර , ව්‍යාපාර බදු , කර්මාන්ත බදු ගෙවීමේ හැකියාව ඇත.

මහජනතාවගේ දැනුම , රසාස්වදය වැඩි දියුණු කිරීමේ අරමුණින් මාරපන උප කාර්යාලයේ තවත් සේවාවක් ලෙස පුස්තකාලයක්ද පවත්වා ගෙන යනු ලබයි.

පහත සඳහන් සේවාවන්ට අදාළ තොරතුරු උප කාර්යාලයෙන් මහජනතාවට ලබා ගැනීමේ හැකියාව ඇති අතර අදාළ දැනුවත් කිරීම් සිදු කර ප්‍රධාන කාර්යාලයට යොමු කර සම්බන්ධීකරණය සිදු කරනු ලබයි. ( අනතුරුදායක ගස් අයඳුම්පත්‍ර , වීථි රේඛා ඉල්ලුම් පත් , මාර්ග පළුදු ඉල්ලුම්පත් , ගොඩනැගිලි සැළසුම් ඉල්ලුම් පත් , ආදාහනාගාර ඉල්ලුම්පත් , වීථි පහන් ඉල්ලුම්පත් ලබා ගැනීමේ හැකියාව )