පැල්මඩුල්ල ගල්ලෙපිට ආදාහනාගාරය

පැල්මඩුල්ල ගල්ලෙපිට ආදාහනාගාරය වෙන් කිරීම. 

  • ආදාහනයක් සිදුවූ අවස්ථාවක කාර්යාලයට පැමිණ හෝ දුරකථනයෙන් ආදාහනය වෙන් කරවාගත යුතුය.
  • සවස 3.00, 5.00, 7.00 ලෙස දිනකට ආදාහන තුනක් සිදු කරයි. පැල්මඩුල්ල බල ප්‍රදේශය තුළ පදිංචි අයෙකු නම් මුදල රු:12000 හා බල ප්‍රදේශය පිට අයෙකු නම් රු:15000 ලෙස අය කරයි.
  • ආදාහනයට පෙර අදාල මුදල් ප්‍රාදේශීය සභාවට ගෙවා තහවුරු කිරීම සඳහා රිසිට් පතක් ලබා ගත යුතුය.
  • මුදල් ගෙවීමට පෙර මරණ දැන්වීමේ හෝ මරණ සහතිකයේ පැල්මඩුල්ල ආදාහනාගාරයේ ආදාහනයට අවසර දෙන බවට ලියා තිබිය යුතුය.
  • එම මරණ සහතිකය, මියගිය අයගේ ජාතික හැදුනුම්පත, භාරකරුගේ ජාතික හැඳුනුම්පත හා ඒවායේ ඡායා පිටපත් රැගෙන පැමිණි අවස්ථාවක ආදාහනය කිරීම භාර ගනු ලැබේ.
  • මුදල් ගෙවා වෙන්කර ගත් වේලාවට රිසිට්පත සමඟ මෘත දේහයද සමඟ පැල්මඩුල්ල ගල්ලෙපිට ආදාහනාගාරයට රැගෙන යා යුතුය.