පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව
  • Home
  • අපගේ සේවා
    • ආදායම් අංශය
    • සංවර්ධන හා සැලසුම් අංශය
    • මහජන පුස්තකාලය
    • ආදාහනාගාරය
    • පරිසර හා සෞඛ්‍ය අංශය
  • ලේඛණ
    • අයවැය ලේඛණ
    • සභා වාර්තා
    • මුල්‍ය ප්‍රකාශන
    • සේවා සදහා අයදුම්පත්
    • ප්‍රසම්පාදන දැන්වීම්
    • අතුරුව්‍යවස්ථා
    • විගණන වාර්තා
    • අභ්‍යන්තර ප්‍රතිපත්ති
  • සභා තොරතුරු
    • ඉතිහාසය
    • පිහිටීම
    • ආර්ථික තොරතුරු
    • භූ විෂමතා හා කාලගුණික තොරතුරු
    • ලැබු සම්මාන
    • සභාව සතු වාහන
    • මාරපන උප කාර්යාලය
  • සංචාරක ස්ථාන
    • පිදිය යුතු තැන්
    • බැලිය යුතු තැන්
  • අදහස් හා පැමිණිලි
    • ඔබගේ ප්‍රතිචාර
    • කසල කළමණාකරණය පිළිබඳ මහජන පැමිණිලි
    • පරිසර බලපත්‍රලාභීන්ගේ අදහස් හා යෝජනා
    • ඉදිකිරීම් සම්බන්ධ පැමිණිලි
    • ආදාහනාගාරය සම්බන්ධ පැමිණිලි හා යෝජනා
    • මාරපන උප කාර්යාලය පිළිබඳ අදහස් හා යෝජනා

 පැල්මඩුල්ල ප්‍රාදේශීය  සභා නිල වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගනිමු

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි පැල්මඩුල්ල ප්‍රදේශය ශ්‍රී සුමන සමන් දෙව්රදුන්ගේ ආශිර්වාදය ලබන පින්බිමකි. වර්ග කිලෝමීටර් 168.341 ක වපසරියක් ආවරණය වන පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ගම් 214කින් යුක්තවේ. ග්‍රාමසේවා වසම් 37කි. භූමි විශාලත්වය අතින් ගත්කල දිස්ත්‍රික්කය තුල 5 වන ස්ථානය පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට හිමිවේ. බල ප්‍රදේශයට මායිම්ව උතුරිට රත්නපුර මහා නගර සභාව හා රත්නපුර ප්‍රාදේශීය සභාවට ද, නැගෙනහිරට වැලිගෙපොල ප්‍රාදේශීය සභාවට ද, දකුණු දෙසට කහවත්ත ප්‍රාදේශීය සභාවට ද, බටහිරට නිවිතිගල ප්‍රාදේශීය සභාවට ද මායිම්ව පවති.

බලප්‍රදේශය මැදින් ඒ-4 මාර්ගය දිවෙන අතර, රත්නපුර නගරය දකුණු පළාත හා යා කෙරෙන රත්නපුර ඇඹිලිපිටිය මාතර මාර්ගය ද, ඌව පළාත යා කෙරෙන බදුල්ල රත්නපුර මාරගය ද සම්බන්ධ වන මං සන්ධිය පැල්මඩුල්ල නගර මධයයේ පිහිටා ඇත.

115000 ක් ඉක්මවන ජනගහනයක් වෙසෙන බල ප්‍රෙද්ශය තුළ කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය වන අතර තේ, පොල්, රබර් හා වී වගාව ප්‍රධාන වගාවන් වේ. මීට අමතරව මැණික් කර්මාන්තය ආශ්‍රිතව ද විශාල පිරිසක් තම ජීවනෝපාය සරිකර ගනිති.

2024 වර්ෂයේ පැවති ප්‍රා‍‍දේශීය සභා මැතිවරණය මගින් තේරී පත්වූ ගරු සභාපති එම්.ජී.ඒ.ධර්මසිරි මානිපුර මැතිතුමා ඇතුළු තිස්හත් දෙනෙකුගෙන් සමන්විත මන්ත්‍රී මණ්ඩලයක් මගින් පාලනය කරනු ලබන අතර වර්තමාන ප්‍රාදේශීය සභා ලේකම් ආර්.කේ.කපිල ජගත් ගුණතිලක මහතා ඇතුළු කාර්ය මණ්ඩලය 100 දෙනෙකු විසින් අවශ්‍ය කාර්ය හා කර්තව්‍යයන් ඉටු කිරීම සිදු කරනු ලබයි.

 

ලේකම්තුමාගේ පණිවිඩය

SecPalmadullaරත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වර්ග කි.මී 144.84 යුක්තය. ජනගහණය 102743 වන අතර තේ, රබර්, වැවිලි බෝග කර්මාන්තය හා පතල් කර්මාන්තය බහුලව පවතින ප්‍රදේශයකි. පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව මගින් මෙම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය කටයුතු පොදු උපයෝගිතා සේවා පවත්වා ගැනීම, අත්‍යාවශ්‍ය මංමාවත් ඉදිකිරීම් ඇතුළු ආයතනික කටයුතු සිදු කරනු ඇත. මෙම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය සඳහා යෝග්‍ය ඓතිහාසික ස්ථාන ගණනාවකින් යුක්ත හා දර්ශනීය දියඇළි වලින් ගහන ප්‍රදේශයකි. අඩු අදායම්ලාභී ප්‍රාදේශීය සභාවක් වුවද ලැබෙන බදු ආදායම් උපරිම ඵලදායී ලෙස යොදවා ගනිමින් හා මධ්‍යම රජයෙ හා පළාත් සභා ප්‍රතිපාදන ද යොදවා ගනිමින් උපරිම මහජන සේවාවන් කිරීම මාගේ නිරන්තර අපේක්ෂාව වේ. පැල්මඩුල්ල ප්‍රදේශයේ ජනතාවට තෘප්තිමත් වන ලෙස සභාවේ කටයුතු සිදු කරමින් ශ්‍රී ලංකාවේ අතිශය කාර්යක්ෂම හා ජනතාශීලී සේවාවක් ඉටුකරන ආයතනයක් ලෙස පවත්වාගෙන යාම මාගේ ඒකායන අපේක්ෂාවයි.

කපිල ජගත් ගුණතිලක මයා
ලේකම්
පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව

logo

දැක්ම
යහපාලනය කැපවීම හා කාර්යක්ෂම සේවාවක් තුලින් සමෘද්ධිමත් පුරවරයක්

මෙහෙවර
පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා බලප්‍ර‍දේශයේ ජනතාවගේ සෞඛ්‍ය මාර්ග පොදු උපයෝගිතා සේවා සහ සුභසාධක පහසුකම් සලසමින් ජනතාවගේ සුව පහසුව රැකීමට හා වැඩි දියුණුවට බලපාන සියළු කාරණයන් විධිමත් කර පාලනය කර පවත්වාගෙන යාම සඳහා එක්සත්ව එක්සිත්ව කටයුතු කිරීම අපගේ මෙහෙවර වන්නේය.

සම්බන්ධීකරණ තොරතුරු

ලිපිනය:
පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව,
රිල්හේන,
පැල්මඩුල්ල.

ලේකම් :
071 43 96 424

දුරකථන අංකය:
045 22 74 375

ෆැක්ස් අංකය:
045 22 74 993

විද්‍යුත් තැපැල් ලිපිනය:
pradeshiyasabhapelmadulla@gmail.com

උප කාර්යාලය :
මාරපන උප කාර්යාලය,
මාරපන.
දුරකථන අංකය:
045 22 338 09

කසළ කළමනාකරණ මධ්‍යස්ථානය :
කෙටේතැන්න,
පැල්මඩුල්ල.
දුරකථන අංකය:
045 347 1400

මාර්ග ගත ගෙවීම්

PelmadullaPay

ප්‍රවෘත්ති නිවේදන

1.ශ්‍රී පාදස්ථානයේ වන්දනා සමය සෑම වසරකම දෙසැම්බර් මස ආරම්භ වී මාස 06ක් පවතින අතර, මෙම සමයේ පරිසරයට බැහැර වන විශාල පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රමාණය කළමනාකරණය කිරීමේ මූලික පියවරක් ලෙස රජය විසින් මේ වන විට පනවා ඇති රෙගුලාසිවලට අනුව පෙරහැර සඳහා පොලිතීන් හා ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිත කිරීම මෙන්ම කඩ හිමියන් පෙරහැර/ දන්සල් සංවිධායකයින් පොලිතීන්/ ප්ලාස්ටික් මල් මාලා භාවිතය හා ප්ලාස්ටික් බීම බට, කෝප්ප හා හැඳි ගෑරුප්පු භාවිත නොකරන ලෙසත්, ඒ කිසිදු භාණ්ඩයක් ශ්‍රී පාද භූමියට රැගෙන නොයන ලෙසත් කාරුණිකව දන්වමි.

2.පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව විසින් පැල්මඩුල්ල වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිට මිය ගිය අඩු ආදායම්ලාභී අයගේ දේහයන් මුල් පදිංචි ස්ථානයේ ග්‍රාම නිලධාරී අඩු ආදායම්ලාභී බව තහවුරු කරන්නේ නම් ගාස්තු රහිතව ආදාහනය කරන බව කාරුණිකව දන්වමි.

2026 පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය සකස් කිරීම සඳහා යෝජනා හා අදහස් ලබා ගැනීම

2025 Pelmadulla Bajet

මෙතැනින් යෝජනා ඉදිරිපත් කරන්න