පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ආර්ථික තොරතුරු

පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආර්ථික රටාව කෘෂි කර්මාන්තය හා පතල් කර්මාන්තය මුලික කරගෙන පැවතෙයි. ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය පහත පරිදි පැතිර පවති.

වගාව අක්කර ප්‍රමාණය
වී 1342.25
තේ 9526.70
පොල් 838.93
ගම්මිරිස් 391.60
කෝපි 36.25
රබර් 3813.84
කුරුඳු 183.02
කෙසෙල් 14.00
මිශ්‍ර වගාව 1361.57
රක්ෂිත 20.00
පළතුරු වගාව 21.00
කොස් 15.00
කරාබුනැටි 1.00
  17565.16

 

ප්‍රදේශයේ කර්මාන්ත ශාලා සැලකිය යුතු ප්‍රමාණයක් පවතින අතර, ඒ හරහා ද ජීවනෝපාය සලසාගන්නා විශාල පිරිසකි. ප්‍රදේශයේ ඇති කර්මාන්ත ශාලා පහත පරිදි වේ.
තේ කර්මාන්ත ශාලා - 17
රබර් කර්මාන්ත ශාලා - 03
ඇඟළුම් කර්මාන්තශාලා - 05
කළුගල් කර්මාන්ත ශාලා - 02

ප්‍රදේශය පුරා පැතිර පවතින රාජ්‍ය අංශය / පුද්ගලික අංශය හරහා ක්‍රියාත්මක මූල්‍ය ආයතන ශාඛා 25ක් පමණ පවති.

පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනගහනය 90000 ක් පමණ වන අතර, එම ජන ගහනයේන වැඩි පරිසක් අඩු ආදායම් ලාභී පවුල්වල සාමාජිකයන් වේ. එම පවුල් බොහෝමයක ආර්ථික පසුබීම සැකසී ඇත්තේ රජය විසින් ලබාදෙන සමෘද්ධි සහනාධාරය මත වන අතර, සමෘද්ධි සහනාධාර ලබන පවුල් සංඛ්‍යාව 11000 කට ආසන්නය.