පැල්මඩුල්ලේ ඉතිහාසය

සුන්දර කිරිබත්ගල කන්ද හා කුට්ටාපිටිය කන්ද අතර දෙනවක මිටියාවතේ පැල්මඩුල්ල ප්‍රදේශය පිහිටා ඇත. ජනප්‍රවාදය අනුව ‘‘පැල්මඩුල්ල‘‘ නාමය සැදි ඇත්තේ, බදුල්ල දෙසින් හා මාගම්පුර දෙසින් කොළඹ දෙසට දිවෙන ප්‍රධාන මාර්ග දෙක පැල්මඩුල්ලේ දී හමුවන බවත්, පැල්මඩුල්ල නගරයේ ප්‍රධාන පාර දෙපස පැල් රාශියක් පිහිටා තිබූ බවත්, භාණ්ඩ ප්‍රවාහනයේ යෙදුණු ගැල් හා කරත්ත ආදියට අවශ්‍ය පහසුකම් මෙම ප්‍රදේශයෙන් සැපයුණු අතර, කරත්ත කරුවන්ට විවේකය සඳහා ඉහත සඳහන් පරිදි ප්‍රධාන පාර දෙපස පිහිටි පැල් වෙන්කර දී ඇති අතර, මේ හේතුවෙන් පැල් බැදි මඩුල්ල ‘‘පැල් + මඩුල්ල‘‘ වූ බව සැලකේ.