පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පිහිටීම

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කය මධ්‍යයේ පිහිටි පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 168.34 කින් පමණ යුක්තය. ග්‍රාම සේවා වසම් 37 කින් යුත් බල ප්‍රදේශයේ භූමි විශාලත්වය අතින් දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන අතර 5 වන ස්ථානය ගනී. මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රෙද්ශයට මායිම්ව උතුරින් රත්නපුර මහා නගර සභාව ද, නැගෙනහිරින් වැලිගෙපොල ප්‍රාදේශීය සභාව ද, දකුණින් කහවත්ත ප්‍රාදේශීය සභාව ද, බටහිරින් නිවිතිගල ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන බල ප්‍රදේශ පිහිටා ඇත.

පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මැදින් ඒ-4 ප්‍රධාන මාර්ගය දිවයයි. රත්නපුර නගරය දකුණු පළාත හා යා කෙරෙන රත්නපුර ඇඹිලිපිටිය මාතර මාර්ගය ද ඌව පළාත යා කෙරෙන බදුල්ල රත්නපුර මාර්ගය ද සම්බන්ධ වන මං සන්ධිය පැල්මඩුල්ල නගර මධ්‍යයේ පිහිටා ඇත.