පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා නිල වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගනිමු
සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි පැල්මඩුල්ල ප්‍රදේශය ශ්‍රී සුමන සමන් දෙව්රදුන්ගේ ආශිර්වාදය ලබන පින්බිමකි. වර්ග කිලෝමීටර් 168.341 ක වපසරියක් ආවරණය වන පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ගම් 214කින් යුක්තවේ. ග්‍රාමසේවා වසම් 37කි. භූමි විශාලත්වය අතින් ගත්කල දිස්ත්‍රික්කය තුල 5 වන ස්ථානය පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට හිමිවේ. බල ප්‍රදේශයට මායිම්ව උතුරිට රත්නපුර මහා නගර සභාව හා රත්නපුර ප්‍රාදේශීය සභාවට ද, නැගෙනහිරට වැලිගෙපොල ප්‍රාදේශීය සභාවට ද, දකුණු දෙසට කහවත්ත ප්‍රාදේශීය සභාවට ද, බටහිරට නිවිතිගල ප්‍රාදේශීය සභාවට ද මායිම්ව පවති.
බලප්‍රදේශය මැදින් ඒ-4 මාර්ගය දිවෙන අතර, රත්නපුර නගරය දකුණු පළාත හා යා කෙරෙන රත්නපුර ඇඹිලිපිටිය මාතර මාර්ගය ද, ඌව පළාත යා කෙරෙන බදුල්ල රත්නපුර මාරගය ද සම්බන්ධ වන මං සන්ධිය පැල්මඩුල්ල නගර මධයයේ පිහිටා ඇත.
115000 ක් ඉක්මවන ජනගහනයක් වෙසෙන බල ප්‍රෙද්ශය තුළ කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය වන අතර තේ, පොල්, රබර් හා වී වගාව ප්‍රධාන වගාවන් වේ. මීට අමතරව මැණික් කර්මාන්තය ආශ්‍රිතව ද විශාල පිරිසක් තම ජීවනෝපාය සරිකර ගනිති.
2018 වර්ෂයේ පැවති ප්‍රාදේශීය සභා මැතිවරණය මගින් තේරී පත්වූ ගරු සභාපති එච්.ඒ.ලක්ෂ්මන් ප්‍රේමරත්න මැතිතුමා ඇතුළු තිස්අට දෙනෙකුගෙන් සමන්විත මන්ත්‍රී මණ්ඩලයක් මගින් පාලනය කරනු ලබන අතර වර්තමාන ප්‍රාදේශීය සභා ලේකම් ආර්.කේ.කපිල ජගත් ගුණතිලක මහතා ඇතුළු කාර්ය මණ්ඩලය 84 දෙනෙකු විසින් අවශ්‍ය කාර්ය හා කර්තව්‍යයන් ඉටු කිරීම සිදු කරනු ලබයි.
ලේකම්තුමාගේ පණිවිඩය
රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වර්ග කි.මී 144.84 යුක්තය. ජනගහණය 102743 වන අතර තේ, රබර්, වැවිලි බෝග කර්මාන්තය හා පතල් කර්මාන්තය බහුලව පවතින ප්රදේශයකි. පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව මගින් මෙම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය කටයුතු පොදු උපයෝගිතා සේවා පවත්වා ගැනීම, අත්‍යාවශ්‍ය මංමාවත් ඉදිකිරීම් ඇතුළු ආයතනික කටයුතු සිදු කරනු ඇත. මෙම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය සඳහා යෝග්‍ය ඓතිහාසික ස්ථාන ගණනාවකින් යුක්ත හා දර්ශනීය දියඇළි වලින් ගහන ප්රදේශයකි. අඩු අදායම්ලාභී ප්‍රාදේශීය සභාවක් වුවද ලැබෙන බදු ආදායම් උපරිම ඵලදායී ලෙස යොදවා ගනිමින් හා මධ්‍යම රජයෙ හා පළාත් සභා ප්‍රතිපාදන ද යොදවා ගනිමින් උපරිම මහජන සේවාවන් කිරීම මාගේ නිරන්තර අපේක්ෂාව වේ. පැල්මඩුල්ල ප්‍රදේශයේ ජනතාවට තෘප්තිමත් වන ලෙස සභාවේ කටයුතු සිදු කරමින් ශ්‍රී ලංකාවේ අතිශය කාර්යක්ෂම හා ජනතාශීලී සේවාවක් ඉටුකරන ආයතනයක් ලෙස පවත්වාගෙන යාම මාගේ ඒකායන අපේක්ෂාවයි.
කපිල ජගත් ගුණතිලක මයා
ලේකම්
පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව
දැක්ම
යහපාලනය කැපවීම හා කාර්යක්ෂම සේවාවක් තුලින් සමෘද්ධිමත් පුරවරයක්
මෙහෙවර
පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය මාර්ග පොදු උපයෝගිතා සේවා සහ සුභසාධක පහසුකම් සලසමින් ජනතාවගේ සුව පහසුව රැකීමට හා වැඩි දියුණුවට බලපාන සියළු කාරණයන් විධිමත් කර පාලනය කර පවත්වාගෙන යාම සඳහා එක්සත්ව එක්සිත්ව කටයුතු කිරීම අපගේ මෙහෙවර වන්නේය.